ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරයි!

September 8, 2020 at 1:29 pm | by emanisa.lk

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද (08) ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට බන්ධාගාරයේ වෑන් රථයකින් රැගෙන ආවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *