ප්‍රේමලාල්ගේ නඩුවට විනිසුරුවරු පත් කළේ කරූ සජිත් තලතා සිටි ව්‍යවස්ථා සභාවයි! මම හරි අගමැතිතුමා හරි අධිකරණයට කිසිම බලපෑමක් කළේ නෑ! – ජනපති

September 10, 2020 at 10:48 pm | by emanisa.lk

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට තමා හෝ අගමැතිවරයා කිසිදු අයුරකින් බලපෑමක් සිදු නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

“බලපෑම් කරනවා නම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි. අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේත් ඒ ව්‍යවස්ථා සභාවමයි.

සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාමයි.”

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂ කණ්ඩායම් සමාජගත කරමින් තිබෙන අදහස්වලට පිළිතුරු ලෙසය.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව ද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස