ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු වරම් නෑ! නීතිපති අධිකරණ අමාත්‍යංශයට දැනුම් දෙයි!

August 30, 2020 at 9:06 pm | by emanisa.lk

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

අදාළ දැනුම්දීම අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ද යොමු කළ බව වාර්තා වෙයි.

2015 දී සිදුවු මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණයට විසින් ප්‍රේමලාල් ජයසේකරට පසුගිය දා මරණ දඬුවම නියම කළේය.

කෙසේ වෙතත්, ඔහු මෙවර මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට වැඩිම මනාප ලබා ගනිමින් ජයග්‍රහණ කළේය.

තමාට හිමිව ඇති මරණ දඩුවම සම්බන්ධව ඔහු අභියාචනයක් ඉදරිපත් කර ඇති නිසා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට කැඳවන ලෙසය.

පසුගිය සිකුරාදා කථානායකවරයා මේ සම්බනධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන ඒම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *