වසර 72කට පසු එජාප නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තුව අද රැස්වෙයි!

August 20, 2020 at 8:15 am | by emanisa.lk

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) ආරම්භවීමට නියමිතව තිබේ.

අද පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ආරම්භ වේ.

පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 222 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිතය

දැනට බන්ධනාගාරගතව සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට අද පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලැබුණ ද ප්‍රේමලාල් ජයසේකරට එම අවස්ථාව අහිමි වී ඇතැයි ද වාර්තා වෙයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද මෙතෙක් නම් කර නොමැත.

ඒ අනුව අද පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 222 දෙනෙකු පැමිණිමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේ සී කිසිදු ආසනයක් දිනාගත නොහැකි වූ අතර ලැබුණු ජාතින ලැයිස්තු මන්ත්‍රී ධුරය ද මෙතෙන් නම් කර නොමැත.

මේ අනුව නිදහස ලැබුණු පසු ප්‍රථම වරට එජාප නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තුව රැස්වන්නේ අදය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස