පොහොට්ටුවේ මැතිවරණ අපේක්ෂකයාට මරණ දඬුවම!

July 31, 2020 at 4:47 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබා දීමට රත්නපුර මහාධිකරණය තීන්දුකර තිබේ.

ඒ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනහමුවක දී සිදුකළ වෙඩි තැබීමකින් සිදුකළ පුද්ගල ඝාතනයකට ප්‍රේමලාල් ජයසේකර සහ තවත් දෙදෙනෙකු වරදකරුවන් වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් ශාන්ත දොඩංගොඩ නමැති අය මිය ගිය අතර කරුණාදාස වීරසිංහ සහ එම්. ඊෂාන් යන දෙදෙනා තුවාල ලැබුහ.

ප්‍රේමලාල් ජයසේකර මෙවර මහා මැතිවරණනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *