ලංකා පාර්ලිමේන්තුවට කාසියක් උඩ දමා මන්ත්‍රීවරයෙක් තෝරයි!

September 1, 2020 at 5:56 pm | by emanisa.lk

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ආසනය අහිමි වුවහොත් පුරප්පාඩු මන්ත්‍රී ධුරය පිරවීමට කුසපත් ඇදීමක් සිදු කරන බව මැතිවරණ කොමිෂන් බව සඳහන් කරයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මනාප ලයිස්තුව අනුව මීළඟට එක සමාන මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනකු සිටීම ඊට හේතුවයි. සනී රෝහණ කොඩිතුවක්කු හා රංජිත් බණ්ඩාර යන අපේක්‍ෂකයන් මෙවර මනාප ඡන්ද 53261 බැගින් ලබාගෙන ඇත. ඔවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට සිදු වූවොත් කුසපත් ඇදීමක් හෝ කාසියක් උඩ දැමීම සිදු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා මෙතෙක් කුසපත් ඇදීමක් හෝ කාසි උඩ දැමීමක් සිදු කර නැත. මෙලෙස කුසපත් ඇදීමක් හෝ කාසියක් උඩ දැමීම සිදුකරන්නේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මරණ දඬුවම හිමි වීම හේතුවෙන් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතත් කතානායකවරයා සඳහන් කර ඇත්තේ ඔහුට පාර්ලිමේන්තු පැමිණිමට හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස