ප්‍රභාකරන්ටත් අතට අත දුන් හකීම් සහරාන්ට අතට අත දීම පුදුමයක් නෙමේ! – මුසම්මිල්

October 24, 2019 at 12:06 am | by emanisa.lk

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ටත් අතට අත දුන් ඇමති රවෆ් හකීම් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට අතට අත දීම අරුමයක් නොවේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාම්මිල් පවසයි.

2015 මහා මැතිවරණය අවස්ථාවේ මුස්ලිම් කොංග්‍රසය සමග තවුහිද් ජමාත් සංවිධානය ගිවිසුමක් අත්සන් කළ බවත් එහෙයින් සහරාන් හෂීම් පිළිබඳ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් නොදැන සිටියේ යැයි පැවසීම බොරුවක් බවත් එය කිසිසේත් සැඟවිය නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස