පලස්තීනයට යාමට පැමිණි මුස්ලිම් දේශපාලකයෙක් ඊශ්‍රායලය හරවා එවයි! බින් ලාඩන් මරා දැමීම ගැන මරදානේ විරෝධතාවකුත් කළාලු!

June 10, 2019 at 11:57 am | by emanisa.lk

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට පෙර පලස්තිනයට යෑමේ අරමුණින් ඊශ‍්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළට පැමිණි මෙරට මුස්ලිම් දේශපාලනඥයෙක්ව ඊශ‍්‍රායල් රජය ආපසු ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

මේ මුස්ලිම් දේශපාලකයා පිළිබඳව මොසැම් බුද්ධි සේවාවට තොරතුරු ලැබී තිබිණි. මොහුව ඊශ‍්‍රායල් රජය ආපසු ශ්‍රී ලංකාවට එවීමේ සිද්ධිය ඊශ‍්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙරට බුද්ධි සේවාවන්ට දන්වා නැතැයි ඊශ‍්‍රායල් ආරංචි මාර්ග පැවසීය.

ඊශ‍්‍රායල් ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ ඊශ‍්‍රායලයේ සිට පලස්තිනයට යන බවට මේ මුස්ලිම් දේශපාලකයා පැවසුවත් ඔහුගේ ගමන් සැලැස්ම හෙළි නොකළ බවයි. මේ නිසා ඊශ‍්‍රායල් බුද්ධි අංශ ඔහුගේ ගමන ගැන දැඩි ලෙස සැක පහල කර තිබිණි.

මේ දේශපාලකයා අල්කයිඩා නායක බින්ලාඩන් ඝාතනය ගැන ඇමරිකාවට එරෙහිව කොළඹ මරදානේදී විරෝධතාවක් ද මෙහෙයවා තිබූ බව මොසැම් බුද්ධි සේවාවට වාර්තා වී තිබූ බව ආරංචි මාර්ග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස