නගර අලංකරණයට මුල්තැන! ලයිට් කණු බැනර් ඉවතට!

November 27, 2019 at 11:27 am | by emanisa.lk

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි කණුවල සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් පැය 24ක් තුළ ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියලුම පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.

ඒ අනුව ඊයේ උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බව පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

කොළඹ නගරය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස