ඇමරිකන් සමලිංගිකයෝ අතේ තිබුණු ඇඩ්වර්ටයිසිංවලට ස්වදේශීක ඌරුව ගෙනාවේ අපි! අපි හිතන්නේ සුද්දෝ හිතන විදිහට නෙමේ අපි සීයලා ආච්චිලා හිතපු විදිහට!- දිලිත් ජයවීර (video)

June 11, 2019 at 8:35 am | by emanisa.lk

බටහිර ආකෘතිය තුළ බිහි වූ පොතේ ඇති දේ කියා දෙන දරුවාට සිතන හැටි කියා නොදෙන ගුරුවරු පිළිබඳ තමන්ට ඇත්තේ විවේචනයක් බව දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර පවසයි.

කෙසේ වුවද මේ අතර දරුවාට සිතන්නට කියාදෙන ගුරුවරු සිටින බවත් තමන්ගේ සාර්ථකත්වට පිටුපස ඇති රහස එවැනි ගුරුවරයකු වන නලින් සර් (ආචාර්ය නලින් ද සිල්වා) බවත් ඔහු අනාවරණය කරයි.

සර් යන්න තව දුරටත් ඉංගිරිසි වදනයක් නොව සිංහලකරණය වූ වදනක් බව පෙන්වා දෙන හෙතෙම එහි අරුත ගුරුවරයා බවට පත්ව ඇතැයි ද එහෙයින් ගුරුවරයකු හැර කිසිවකුට සර් යන වචනයෙන් ආමන්ත්‍රණය නොකිරීමට තමා හැකි සෑැම විටම උත්සාහ කරන බව ද කීවේය.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසි තමන් බිලියන 100කට වඩා උපයා ඇති බවත් බිලියන 20ක් පමණ නැති කරගත් බවත් ඔහු පෙන්වා දෙයි. එසේම ඇමරිකාවේ සමලිංගිකයන් සහ නපුංසකයන් අත පැවති දැන්වීම් කලාව අත්පත් කරගෙන ඊට ස්වදේශීයත්වය මුසු කළේ සිය සමාගම් බව ද කියයි.

ඒ සාර්ථකත්වය පිටුපස ඇත්තේ සිතීම බවත් තමන් සිතන්නේ බටහිර ආරට නොව තම ආච්චි සීයා අනුදත් ස්වදේශික චින්තන ප්‍රවාහයට අනුගතව බව ද අවධාරණය කළේය.

රාජකීය හා ඉසිපතන යන විදුහල්වල හිටපු විදුහල්පති උපාලි ගුණසේකර විසින් ‘සති අග අරුණ’ පුවත්පතට සැපයූ ගුරුතුමෝ තීරු ලිපි පෙළ එක් කොට සැකසූ ‘ගුරුඋතුමෝ’ කූටප්‍රාප්තිය එළිදැක්වීම උළෙලේ දී (2දා) දිලිත් ජයවීර මෙම අදහස් දක්වා තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස