බය වෙන්න එපා! පාර්ලිමේන්තුවේ කිරිපිටි නෑ! මැති ඇමති හැමෝටම පිරිසිදු එළකිරි! – කතානායක

February 9, 2019 at 4:51 am | by admin

පාර්ලිමේන්තුවේ ලබා දෙන කිරි පිළිබඳ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු තමාගෙන් විමසා ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාට කල්කිරි එනම් පිරිසිදු එළකිරි ලබා දෙන බවත් ඒ පිළිබඳ කලබල විය යුතු නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

කතානායකවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ආනයනික කිරිපිටිවල ඌරු තෙල් සහ කටුපොල් තෙල් අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සමගය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ෆොන්ටෙරා සමාගම ද එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද කිරිපිටි පානය කිරීම නිසා ලෙඩ රෝග 21ක් වැළඳෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පුවත්පත් දැන්වීම් පළ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පෙන්වා දුන් අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියේ විදෙස් රටවලින් ආනයනය කරන කිරිපිටි පිළිබඳ එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශන අවසන් වන තුරු දේශීය කිරිපිටි විශේෂයෙන් දියර කිරි පානය කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *