බෝ නොවන රෝග මඩින්න පාසලට හෙළ බොජුන් හල්!

March 18, 2019 at 7:39 am | by admin

නිවැරැදි ආහාර රටාවකින් තොරවීම හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු ප්‍රමාණාත්මකව වර්ධනය වීමෙන් බෝ නොවන රෝග සඳහා ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිවීම අවම කිරීම, දරුවන්ගේ ස්ථූලභාවය අවම කිරීම සඳහා පලතුරු මෙන්ම එළවළු පරිභෝජනය ඉහළ දැමීම අරමුණු කරගෙන පාසල් තුළ හෙළ බොජුන්හල් ඉදි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

පාසල් තුළ ඉදිකරනු ලබන හෙළ බොජුන්හල්හි ආහාර නියාමනය පාසල් තුළ පිහිටවනු ලබන ආහාර කමිටු හරහා සිදු කිරීමට නියමිතය.

බෝ නොවන රෝග හේතුවෙන් දිනකට පුද්ගලයන් 09 දෙනකු ජීවිතක්ෂයට පත්වන බවත්, ඊට ප්‍රධානතම හේතුව නිවැරැදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දී ඇත.

ඒක පුද්ගල දෛනික එළවළු පරිභෝජනය ග්‍රෑම් 440ක් වුවද එය ග්‍රෑම් 200ට සීමා වී ඇති බවත්, පුද්ගලයන් තිදෙනකු ගත් විට එක් පුද්ගලයකු ස්ථූලතාවයෙන් පෙළෙන බවත්, මේ හේතුවෙන් පුද්ගලයන් සිවුදෙනකුගෙන් එක් අයකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවත් අවධාරණය කර තිබේ.

බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාරය නොගැනීමෙන් බවත්, මේ හෙළ බොජුන් හල් මඟින් දරුවන්ට එළවළු පලතුරු පරිභෝජනය වර්ධනය කර සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවකට හුරු කිරීම මේ ව්‍යාපෘතිය මගින් කළ හැකි බවත් පෙන්වා දී තිබේ.

ආහාර අලෙවිය සඳහා පළ කරනු ලබන දැන්වීම් වෙනුවෙන් දරුවන් යොදා ගැනීම තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙහි දී කමිටු නියෝජිතයන් අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *