ඩිලාන්ලා එස්.බී.ලා වගේ නෙමේ අපි ලස්සනට පොහොට්ටුවට යනවා! – ඌවේ මහ ඇමති

September 26, 2019 at 4:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකගනිමින් පොහොට්ටුව සමඟ එකතු වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

මහ ඇමැතිවරයා බදුල්ලේ පැවැති බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයකට අද (26) එකතු වෙමින් මේ බව සඳහන් කළේය.

‘අපි එකතු වෙන්න ඕන වෙලාවට එකතුවෙනවා. හැබැයි එකතුවෙන්නේ පස්සේ දොරෙන් නෙවෙයි. අපි දැන් ගිවිසුම් හදනවා. අපි ලස්සනට එකතු වෙනවා. මාධ්‍ය සාකච්ඡාවකදී ඩිලාන් සහ එස්. බී. දිසානායක කිව්වා අපිට ඉතුරුවෙලා තියෙන්නේ ලක්ෂ 3යි කියලා. ඒ තුනත් නැතිවෙන්න කලින් අපිට පොහොට්ටුවට එන්නලු.

‘කියන වෙලාවට යන්න අපි සූදානම් නැහැ. අපි යන්නේ ගිවිසුම් හදාගෙන අපේ ගෞරව හදාගෙන. අපේ ප්‍රාදේශීය සභා සභාපතිවරු නගර සභා මන්ත්‍රීවරු ඒගොල්ලන්ගෙත් ගෞරවය ආරක්ෂා වන විදියට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගෞරව ආරක්ෂා වන විදියට අපි යන්නේ.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස