ජනපතිගේ ජාතික ලැයිස්තුවට ගිලෙන නැව එපාවෙයි! මන්ත්‍රීවරු 12න් 6ක්ම පිටට පැනලා!

September 1, 2019 at 4:03 pm | by emanisa.lk

ජනාධිපති මෛතීපාල සිරිසේන පත්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 12 දෙනා අතරින් 6 දෙනෙක්ම වෙනත් පක්ෂවලට ගොස් ඇත.

2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 12 ක් ලැබිණි.

ඒ අතරින් විජිත් විජයමුණි සොයිසා හා ඒ. එච්. එම්. ෆවුසි මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදෙයි.

එසේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් ශ්‍ර්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අතර සරත් අමුණුගම මන්ත්‍රීවරයාද එම පක්ෂයට සහාය පළකරන බවට ප්‍රකාශ කර තිබේ.

මේ සියලු දෙනා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජාතික ලැයිස්තුව වෙනස් කරමින් පත්කළ පිරිසකි. මැතිවරණය ආරම්භයේ දී මහින්දට අගමැති ධුරය ලබා දෙන බව පැවසුවද අනතුරුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට එරෙහිව පක්ෂ සහ සන්ධාන ලේකම්වරු ඉවත් කළ අතර ජාතික ලැයිස්තුව ද වෙනස් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස