ජනාධිපතිවරණය නොවැම්බර් 16! අද රාත්‍රී ගැසට්ටුව නිකුත් වෙයි!

September 18, 2019 at 6:51 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම ඔක්තෝබර් 07 වෙනිදා උදෑසන 9 සිට 11 දක්වා සිදු කරනු ඇත. ඔක්තෝබර් 06 වෙනි දින දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකිය.

මෙයට අදාළ ගැසට් නිවේදනය අද (18) මධ්‍ය රාත්‍රීයේ නිකුත් කෙරෙනු ඇත. එය මේ වන විට මුද්‍රණයට යවා තිබේ.

මේ අතර ජනාධිපතිවරයා සිය නිල කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානමින් සිටියි. ඒ සඳහා සියලු ලිපි ලේඛන සූදානම් කරගෙන නිසි අවස්ථාව පැමිණෙන තුරු බලා සිටින බව එම පාර්ශවය මෙයට පෙර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස