මැකො පළාත් සභා ඡන්ද සිහිනයෙන් මිදෙයි! සැප්තැම්බරයේ ජනාධිපතිවරණය කැඳවන්න සූදානම්!

September 1, 2019 at 12:18 pm | by emanisa.lk

2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා තමන්ට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15න් පසුව බවද ඔහු අවධාරණය කළේය.

ඉන්පසු දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේයයි ඔහු වැඩිදුරටත් කීය.

මැතිවරණය කැඳවීමට පෙර මැතිවරණ කොමිසමේ බලධරයන් මෙරට සියලු ප්‍රදේශවලට ගොස් ප්‍රජා මූල සංවිධාන දැනුවත් කොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා පූර්ව සැලසුමක් සකස් කරන වගද ඔ වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස