ගෝඨාට රට පාලනය කරන්න සුදුස්සෙක් නෙමෙයි! හැබැයි එජාපයෙන් රැහැයියෙක් දැම්මොත් ගෝඨා නිසැකයෙන් දිනුම්! – ෆොන්සේකා

August 19, 2019 at 5:28 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයෙන් පොල්පිත්තක් හෝ රැහැයියෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත් නිසැක ලෙසම පරාජය වන්නේ යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අද (19) ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඇතැමුන් “සරම උස්සන් කෑ හැහුවට මම නියෝජිතයා කියලා අපි පිළිගන්නේ නෑ” යනුවෙන්ද පැවසු හෙතෙම ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කරන්න සුදුස්සෙක් යැයි තමා එදා හෝ අද නොසිතන බවද පැවසීය.

එජාපයෙන් “කටින් විතරක් බතල හිටවන පුද්ගලයෙක්” පුද්ගලයෙක් ඉදිරිපත් කළහොත් නිසැකයෙන්ම අනෙක් පැත්තෙන් ඉදිරිපත් කරන පුද්ගලයාට දිනුම හිමි වන බවත් පැවසු ෆොන්සේකා සියලු දේ තීරණය කරන්නේ ජනතාව විසින් බවද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාව පක්ෂය විසින් තෝරා පත් කර ඇති බවත් ඔහුට පාක්ෂිකයන්ගේ කැමැත්ත හිමි වී බවත් පැවසු ෆොන්සේකා රටේ ඇති පාවෙන ඡන්ද නිසැකයෙන්ම ජයග්‍රාහකයා තීරණය කරනු ඇතැයි ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස