කතානායක කරූ පරාජය භාර ගනී! ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි!

September 20, 2019 at 11:19 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බව කතානායක කරු ජයසුරිය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත දැනුම් දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එජාපෙ නායක හමුවේ දී කතානායකවරයාගේ එම ස්ථාවරය දැනුම් දී ඇත්තේ නවින් දිසානායක විසිනි. ඔහු කතා නායකවරයාගේ බෑනා කෙනෙකි.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අගමැතිවරයා ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ ඇති බහුතරයක් ඇමතිවරුන් එරෙහි වීම මෙයට හේතුව ලෙස දක්වා තිබේ.

කෙසේ වුවද රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් අතර මිස කරූ ජයසූරිය බහුතර එජාප පාක්ෂිකයන් අතර ජනප්‍රිය චරිතයක් නොවූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවා මෙහෙය වන රටවල තානාපතිවරුන්ට අමතරව ඔහු ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ගෙන ඒමේ උවමනාව තිබුණේ සජිත් විරෝධි එජාප පිරිසට බව විශ්ලේෂකයන්ගේ අදහසය.

පසුගියදා ඇමති රවුෆ් හකීම් ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වී කතානායකවරයාගේ ජනප්‍රියත්වය පිළිබඳ ගැටලුවක් ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස