එජාපයට නායකයෝ දෙදෙනෙක්! රනිල් සහ කරූ සම නායකත්වයට!

January 22, 2020 at 12:22 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ සහ ස්වාධීන කතානායක කරූ ජයසූරිය පත්කිරීමට යෝජනා වී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එජාපයේ මධ්‍යස්ථ පාර්ශවයක් විසින් මෙම යෝජනාව සිදුකර ඇත්තේ එජාප නායකත්ව අර්බුදය විසඳාගත නොහැකිව දිගින් දිගටම ඇදී යාම නිසාය.

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට ද යෝජනා වී තිබේ.

එජාප නායකත්වය තමන්ට පවරා එජාප අනුශාසක ධුරය රනිල්ට භාර ගන්නා ලෙස ලෙස ස්වාධීන කතානායක කරූ ජයසූරිය සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටි පැය 48ක කාලය ද අද (22) ගෙවී යාමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස