ඇමති මංගල නිල වශයෙන් මඩට බසී! නිල ෆේස්බුක් පිටුවේ ගෝඨාට මඩ ගසයි!

November 12, 2019 at 9:40 am | by emanisa.lk

ඇමති මංගල සමරවීර සිය නිල ෆේස්බුක් පිටුවේ පැරණි පුවත්පත් වාර්තාවක් නැවත පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව පවසා තිබේ.

මෙතෙක් විවිධ මඩ වෙබ් අඩවි ඔස්සේ සහ විවිධ කණ්ඩායම් යොදාගෙන ඇමතිවරයා ගෙන ගිය අසත්‍ය චෝදනා මඩ අවලාද නැගීමේ මෙහෙයුමට ඔහු ප්‍රථම වරට සිය නිල ෆේස්බුක් පිටුව යොදා ගැනීම විශේෂත්වයකි.

එහිදී ඔහු සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත්කිරීමේ පිළිබඳ සහතිකය අසත්‍ය බවත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියකු මිස ලාංකික පුරවැසියකු නොවන බවත්ය.

ඇමති මංගලගේ ෆේස්බුක් ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාම ඊට විරෝධය පළකිරීම සහ සරදමට ලක්කර තිබීම ද ඔහුගේ පාර්ශවයේ කිසිවකු ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම ද විශේෂත්වයකි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ලේඛන මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන ඇති අතර ඊට එරෙහිව කිසිදු විරෝධයක් මතු වූයේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස