ගෝඨාගේ මංගල රැලියට ඓතිහාසික අනුරපුරය සූදානම්! ගෝඨා දුමින්ගේ නිවසටම යයි!

October 9, 2019 at 2:41 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද (09) ඓතිහාසික අනුරාධපුර නගරයේ පැවැත්වෙන මහජන රැලියෙන් ආරම්භ කිරීමට නියමිතය.

අනුරාධපුරය බලා ගිය ගෝඨාභය රාජවපක්ෂ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ නිවසටම ගියේය. එහිදී දුමින්ද දිසානායක විසින් ගෝඨාභය රාජපක්ෂ උණුසුම් ලෙස පිළිගත්තේය.

සාකච්ඡා වට ගණනාවකට පසු ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය පළ කිරීම අද උදෑසන නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඒ සමගම ගෝඨාභයගේ ඡන්ද පදනම ලක්ෂ 65 දක්වා එකවර ඉහළ ගියේය.

අනුරාධපුරය යනු මෙරට ශිෂ්ටාචරයේ සමාරම්භක අගනුවර මෙරට ඉතිහාසයේ සමෘද්ධිමත්ම යුගය ලෙස ද එම යුගය හැඳින්වෙයි. මෙරට ශිෂ්ටාචාරයට පදනම වැටුණු අනුරාධපුර නගරයෙන් ගෝඨාභය සිය මැතිවරණ සටන ආරම්භ කිරීම ඓතිහාසික සංසිද්ධියක් බව විචාරකයෝ පවසති.

අද හවස පොදුජන පෙරමුණු ඓතිහාසික රැලියට ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක එකතු වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස