අපි පැවසූ සත්‍ය ජනතාව ⁣තේරුම් ගත්තේ නෑ! ජනතාව ඉදිරියේදී සත්‍ය තේරුම් ගනීවි! – ජවිපෙ

November 30, 2019 at 3:26 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව සිදුකරණ යහපත් ක්‍රියාවන් ඉදිරි මහමැතිවරණයෙන් පසුවද ජනතාව බලාපොරොත්තුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

බදුල්ල  හාලිඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපේ රටේ පාලකයින්ට ජනතාව දුප්පත් වන තරමට ලාබයි සහ පහසුයි යනවෙන් ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම රට තුළ ජාතිවාදී තුවාලය තියෙන තුරු එය විකිණීමට පහසු බවත් පැවසු විද්‍යාරත්න මහතා, එය අවාසනවයක් බවත් කියා සිටියේය.

නමුත් තමන් පවසන දේ ජනතාව විසින් තේරුම් නොගත් බවත් පැවසු ඔහු, ඉදිරියේ දී හෝ මෙම සත්‍ය ජනතාව තේරුම් ගනු ඇතැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව