TNA සහ ජවිපෙ ආණ්ඩුවට?

February 3, 2019 at 1:37 am | by admin

රජයේ අරමුණ පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් එකතු කර ගෙන නව ස්ථාවර ආණ්ඩුවක් බිහි කර ගැනීම බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

දෙමළ සන්ධානය ඊළාම් සිහින අතඇරලා දාලා ආණ්ඩුවේ ඇමතිකම් ගන්න ඕන යැයි ඇමතිවරයා පෙන්වා දෙයි. එසේම ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවට එකතු වෙන්න ඕන කියන එක තම අදහස බව ඔහු අවධාරණය කරයි.

ඇමතිවරයා මෙම අදහස් දැක්වූයේ නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *