අගමැති සහ පක්ෂ නායක දිගටම රනිල්! රනිල් කියන විදිහට වැඩ කරන ජනපති සජිත්! තව දුරටත් බලය බෙදනවා! – සජිත් අපේක්ෂක කළ කොන්දේසි එජාප මහ ලේකම් අකිල කියයි… (video)

September 27, 2019 at 9:29 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

එසේම බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ අගමැතිවරයාගේ එකඟතාව මත ක්‍රියාත්මක වන අගමැති ධූරය ආදි වත්මන් රජය මගින් ආරම්භ කළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තව දුරටත් ඉදිරියට ගෙන යාමටත් ඒ සඳහා සියලු පාර්ශවවල අදහස් සැලකිල්ලට ගැනීමට ද තමන් කැප වී සිටින බවට ද එහිදී ඒකමතිකව සම්මත වී ඇත.

එසේම අගමැති ධුරයේ සහ පක්ෂ නායකත්වයේ අගමැති රනිල් වික්‍රමසිංහ තව දුරටත් කටයුතු කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීන්දු කළ බව මහ ලේකම්වරයා පවසයි.

මෙවර ද එජාපය තරඟ කරන්නේ පුළුල් සන්ධානයකින් නිසා අලියා ලකුණින් නො පොදු ලකුණකින් තරඟ කරන බව ද ඔහු අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස