“අගමැතිතුමාට බනින්න එපා! අපි හොඳ යූඇන්පීකාරයෝ!” රනිල් වෙනුවෙන් පාක්ෂිකයා නැඟී සිටී! සජිත් පිලේ වසන්තට පොළොන්නරුවේ සභා මැද කුණු බැනුම්! (video)

August 19, 2019 at 7:29 am | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහට පහර දෙමින් ඇමති සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව පවසමින් සභාවක කතා කළ ඇමති වසන්ත සේනානායකට ජනතාවගේ විරෝධය එල්ල විය.

පක්ෂය තුළ සජිත් ඉල්ලා කතා කළ විට සිට් ඩවුන් යැයි කියා තමන් නැවැත්වීමට උත්සාහ කරන බවත් එසේ නිහඬ වීමට තමන් සූදානම් නැති බවත් ඔහු පැවසීය.

පක්ෂය තුළ සජිත්ට එරෙහි වන්නේ රට වැනසීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට උවමනා කණ්ඩායම බව ද හෙතෙම සඳහන් කළේය.

සජිත් පෙරමුණට ගැනීමට තමුන්නාන්සෙලා පෙරමුණට එනවා නේදැයි ඇමතිරයා සභාවෙන් විමසූ විට සභාවේ සිටි අයකු මෙසේ විරෝධය පළ කළේය.

“අගමැතිතුමාට බනින්න එපා! අපි හොඳ යූඇන්පීකාරයෝ!”

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බල ප්‍රදේශය වන පොළොන්නරුවේ මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස