WHO නිර්දේශ බයිබලයක් නෙමෙයි! රටට අදාළ වෙනස්කම් කරගත යුතුයි! – WHO උප සභාපති

April 5, 2020 at 12:28 pm | by emanisa.lk

කොරෝනා රෝගයෙන් අයකු මළ විට අවසන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ මාලාවක් ලබා දුන්න ද එය එලෙසම අනුගමනය කළ යුතු යැයි පවසා නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයකු ද වන විශේෂඥ වෛද්‍ය ජාසිංහ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ රටේ තත්වයන්ට අනුකූලව, අදාල රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත දේහයන් බැහැර කිරීම කළ යුතු බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ අදාළ නිර්දේශ මාලාවේ අදාළ කොටස පහත මෙසේය.

“Confirm national and local reqirements that may dictate the handling and disposition of the remains”

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවල කොරෝනා මෘතදේහ භූමදාන කිරීමට ද නිර්දේශ කර ඇතැයි පවසන පිරිස හිතාමතාම මෙම කොටස මග අරිනු දැකගත හැකිය.

එහෙත් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම භූගත ජලය සහ පාංශු ස්වභාවය පිළිබඳ ගැඹුරින් හැදෑරූ විද්වතුන්ගේ මතය වන්නේ පොළොව මතුපිටට ආසන්නයේ ජල මට්ටම පවතින පහසුවෙන් ජලය උරාගන්නා කබොක් ගල් සහිත ලංකාවට ගැළපෙන්නේ ආදාහනය කිරීම බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස