මෙරට සිව් වන කොරෝනා ආසාදිතයාත් මරුට!

April 3, 2020 at 7:30 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනයෙන් පසු ඇති වූ නිවුමොනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේය.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සිවු දෙනෙකු මිය ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස