PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු නැවත හරවා යවන්න! – කොරෝනා උවදුරින් රට රකින්න ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක්….

June 5, 2020 at 10:26 am | by emanisa.lk

විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළහොත් එවැන්නන් යලි පැමිණි රටටම හරවා යැවීමට රජය තීරණය කර තිබේ.

මේ අතර අමරිකානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු ගුවන්තොටුපළේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කරමින් නොසන්සුන්ව හැසිරී ඇතැයි තොරතුරු වාර්තා විය.

නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ සිය රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සෑම විටම විදේශ සබදතා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවයි.

නිරෝධායන සීමා කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ කෝවීඩ් 19 මාර්ගෝපදේශ පිළිපදින බවද එහි දැක්වෙයි.

අමරිකානු රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය ශ‍්‍රී ලංකාවට පැමිණීම රාජතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප‍්‍රමිතීන්ට හා ක‍්‍රියාපටිපාටියට අනුකූලව සිදු වන බව මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස