PCR පරීක්ෂණයක වියදම රු. 8000යි! ගුවන්තොටුපළ මගීන්ගෙන් PCR වියදම අය කරන්න සූදානම්!

June 24, 2020 at 1:23 pm | by emanisa.lk

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ දී සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් වැයවෙන මුදල ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් අය කර ගැනීමට අවධානය යොමුව ඇත.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි සඳහන් කළේ මෙම පරීක්ෂණ සඳහා එක් අයෙකුට රුපියල් 6500 ත් 8000 ත් අතර මුදලක් වැය වන බවයි.

ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු එම මුදල දැරීම ඉතා අපහසු බව ද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අගෝස්තු පළමු වැනිදා සිට විවෘත කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස