කොරෝනා රෝගීන් 80%කට රෝග ලක්ෂණ මතුවන්නේ නෑ! 30%ක් PCR පරීක්ෂණයෙන් හඳුනගන්නත් බෑ! ඇඳිරි නීතිය දැඩිකරනු මිස විකල්ප නෑ! – GMOA

April 2, 2020 at 1:45 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වූ පිරිස ගෙන් 80% පමණම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති හෝ ඉතා මඳ වශයෙන් පෙන්වන බවත් එහෙයින් බැලූ බැල්මට ඔවුන් රෝගීන් ලෙස හඳුනාගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව එම පිරිසෙන් 20%ක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් 60%ක් මද රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් එ සංගමය පෙන්වා දෙයි.

එසේම PCR පරීක්ෂණයේ සංවේදිතාව 70%ක් බවත් එහෙයින් රෝගය වැළඳී ඇති 30%ක් එම පරීක්ෂණය මගින් ද හඳුනා ගැනීමට නොහැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

එහෙත් ඔවුන් සමාජය තුළ කොරෝනා වෛරසය පතුරුවන බවත් එය ඉතා භයානක තත්ත්වයක් බවත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ තත්ත්වය මත රජය විසින් ඇඳිරි නීතිය තවත් දැඩි කරමින් පුද්ගල සංචලනය සීමා කිරීම, ඉක්මනින් රෝගීන් හඳුනා ගැනීම සහ වෛද්‍ය පහසුකම් දියුණු කිරීම කළ යුතු බවට එමගින් යෝජනා කර තිබේ.

මෙරටදී ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී දින විස්සක් ගත වූ පසු මෙම ප්‍රතිචාරය දක්වන බවද ඔවුන් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස