දිනක් ඇතුළත PCR පරීක්ෂණ 1553ක් සිදුකරයි! දෛනිකක පරීක්ෂණ ප්‍රමාණය 3000 දක්වා නැංවීමට සූදානම්!

April 29, 2020 at 8:35 am | by emanisa.lk

ඊයේ (28) පස්වරු 5 න් අවසන් වූ පැය 24 තුළ දිවයින තුළ PCR පරීක්‍ෂණ 1,553 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඊයේ දිනයේ සිට මඩකලපුව ශික්‍ෂණ රෝහලෙන්ද PCR පරීක්‍ෂණ සිදුකිරීම ආරම්භ කෙරිණි.

මේ අතරින් වැඩිම පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනය වන අතර දිනකට සිදුකරන PCR පරීක්‍ෂණ සංඛ්‍යාව තවත් දහසකින් වැඩි කිරීමට විශ්ව විද්‍යාල පද්ධතිය සූදානම් බවද වාර්තා වෙයි.

අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ඊයේ සඳහන් කළේ මේ මස අවසන් වන විට දෛනිකව සිදු කරන PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 3,000 දක්වා වැඩි කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස