දිනකට PCR පරීක්ෂණ 1000ක් කළ හැකි පරීක්ෂණාගාරයක් ලංකාවට!

April 25, 2020 at 8:11 am | by emanisa.lk

පසුගිය 23 වනදා PCR පරීක්ෂණ 1142ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මීට පෙර එම පරීක්ෂණ දිනකට 700කට පමණ සිමාවේ තිබූ බවත් මේ වන විට දිනකට සිදුකරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ආසියා සංවර්ධන බැංකුවේ ආධාරයෙන් මුල්ලේරියාවේ පරීක්ෂණාගාරයක් ඉදි කෙරෙමින් පවතින බවත් එහි ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන් වී ඇති බවත් ඉදිරියේදී එම පරීක්ෂණාගාරය වැඩකටයුතු ආරම්භ කිරීමත් සමග දිනකට එහිදී පමණක් PCR පරීක්ෂණ 1000 සිදුකළ හැකි බවත් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ අනාවරණය කරයි.

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මෙරට විශ්ව විද්‍යාල සතුව ඇති PCR යන්ත්‍ර කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා ගැනීමට පියවර ගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම පරීක්ෂණ සිදුකිරීමට යොදා ගන්නා සොබ්ස් මෙරටදීම නිපදවීම සඳහා කටයුතු ආරම්භ කරන බවත්, ඒ සඳහා නියමිත අනුමැතිය ඊයේ දිනයේදී ලැබීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම රජයේ රෝහල්වල සිදුකරනු ලබන සායන සහ ශල්‍යකර්ම යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍ර ලේඛයක් ඊයේ දිනයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් තමන් නිකුත් කළ බවත් ඒ අනුව අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ විශේෂ වෛද්‍යවරුන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ඔහු මෙහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස