ආණ්ඩුව සහන දෙන්නේ පොහොට්ටුකාරයන්ට විතරයි! ජනතාව ආහාර ඖෂධ නැතිව දුක්විඳිනවා! – පාඨලී

April 1, 2020 at 8:18 am | by emanisa.lk

මේ දුෂ්කර අවස්ථාවේ තමන්ගේ කැත දේශපාලනය ඉදිරියට නොගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුව මහජන මුදල් යොදවා සහනාධාර ලබා දෙන්නේ පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් බවත් පවසන හිටපු මන්ත්‍රීවරයා සෙසු ජනතාව ඇඳිරි නීතිය මැද ආහාර සහ බෙහෙත් ඖෂධ නොමැතිව දුක් විඳින බවට ද චෝදනා කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි. කෙසේ වුවද මෙම ප්‍රකාශය එහි සිය අදහස් පළ කළ සියලු දෙනාගේ දැඩි විරෝධයට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස