තොන්ඩමන්ගේ මළ ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ! වහාම නිරෝධායනයට ගෙන PCR පරීක්ෂණ කරයි!

June 3, 2020 at 2:40 pm | by emanisa.lk

හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකු අද (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසයි.

අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ  දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථා සඳහා මාධ්‍යය ආවරණය ලබා දී තිබේ.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධනයට යොමු කළ බවත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස