දෝෂ සහිත PCR වාර්තා ආවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාරවලින් නෙමෙයි! – රවී කුමුදේෂ්

May 8, 2020 at 8:15 am | by emanisa.lk

මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් 13 ක් දෝෂ සහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

එම ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ එම වැරදි වාර්තා නිකුත් වීම පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් බවට පසුගියදා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුට පසුව සිදුකළ පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

මෙම දෝෂ සහිත වාර්තා කිසිවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති වෛද්‍ය රසායානගාරයක් මගින් නිකුත් වී නොමැති බව රවී කුමුදේෂ් අවධාරණය කරයි.

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් බවට හඳුනාගැනුණු පුද්ගලයින් ආසාදිතයින් නොවන බවට යළි තහවුරු වීම පිළිබදව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදාල පරීක්ෂණ වාර්තාවල වෙනස්කම් සිදුව ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස