අගමැතිතුමා ඇමරිකාව ලවා ඉඩම් මනින්නේ විකුණන්න නෙමේ, ජනතාවට බෙදලා දෙන්න!

March 19, 2019 at 2:45 pm | by admin

විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණක්ව පවතින ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යථාර්ථයක් කිරීමට ඉඩම් අමාත්‍යාංශය කැප වී සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *