අපි මත්තල වී ගබඩාව ගුවන්තොටුපළක් කරනවා! අගමැති රනිල්

March 26, 2019 at 6:46 am | by admin

ඉන්දියාව සමග එක්ව මාස තුනක් ඇතුළත මත්තල ගුවන්තොටුපල ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව අගමැති අනිල් වික්‍රමසිංහ පවසයි.

1967 වසරේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු වසර 51 ක් පුරා ශ්‍රී ලංකාවට දෙවන තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හැකි වුණේ නෑ. එය දැන් අපේ රජය යටතේ ආරම්භ වෙනවා. අද දිනයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් කටයුතු සිදු කෙරුණා. තවත් මාස තුනක් ගත වීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියාවත් එක්ව මත්තල ගුවන් තොටුපොළත් ක්‍රියාත්මක කරන තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කරනවා“, යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (24) හම්බන්තොට, මිරිජ්ජවිල   අපනයන සැකසුම් කලාපයේ යෝජිත මහා පරිමාණ ඛනිජ තෙල් පිරිපහදුව සහ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වුවද 2015 බලයට පත් විගස මෙම අාණ්ඩුව මත්තල ගුවන්තොටුපළේ වටිනා උපකරණ ගලවා කටුනායකට රැගෙන ගිය අතර වායුසමනය කළ වටිනා මැදිරිවල වී ගබඩා කළේය.

.එසේම ගුවන්යානාවල මොනරුන් හැපෙන නිසා ජාත්‍යන්තර ගුවන්සේවා මත්තලට පැමිණීමට අකමැති බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස