අපේ පිටිපස සිටි රටවල් අප පසුකර ඉදිරියට ගිහිල්ලා! නැවත කිසි රටකට පසු කරන්න දෙන්නේ නෑ! – අගමැති

April 2, 2019 at 6:58 am | by admin

අවලාද හා අපහාස මධ්‍යයේ විවිධ අභියෝගවලට මුහුණදෙමින් දුෂ්කර මාවතක් ඔස්සේ ආණ්ඩුව සියලු කැපකිරීම් කර ඉදිරියට පැමිණියේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කර දීම සඳහා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ හම්බන්තොට, වීරවිල පැවැති ජාතික යොවුන් පුරය සමාප්ති උළෙලේදී පැවසීය.

අතීතයේ ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් වර්තමානය වන විට සංවර්ධනයවී ඉදිරියට පැමිණ තිබෙන බවත් ඒ තත්ත්වය වෙනස් කොට මින් මතු වෙනත් රටකට අපව පසුකොට ඉදිරියට යෑමට ඉඩ නොතබන බවත් අගමැතිවරයා පැවසීය.

දස වැනි යොවුන් පුරය වීරවිල පශු සම්පත් භූමියේදී පැවැති අතර, ඊට රටේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ තරුණියෝ 8000 ක් පමණ පැමිණ සිටියහ.

29 සහ 30 යන දිනවල අගමැති රනිල් වික‍්‍රමසිංහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති යොවුන් කඳවුරුවලට ගොස් තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලමින් ඔවුන් සමඟ සුහද හා මිත‍්‍රශීලීව කටයුතු කිරීම බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස