2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් (18) රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරු පුහුණු කරන ලද සාක්ෂිකරුවකු ලෙස පෙනී ගිය බවයි.
“1000 සී සී මෝටර් සයිකලය යාලුවෙක්ගෙ කිව්වා. එයාට වෙනම බයිසිකලයක් තිබුණා. ඒ ගැන මොහු දන්නේ නෑ කිව්වා. ඊළඟට මෙවැනි මෝටර් සයිකලයක් මහපාරේ පදින්න පුළුවන්ද බැරිද කියන එක ගැන එයා දන්නෙ නෑ කිව්වා. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට දැනගත යුතු කරුණු පැමිණිලිකරුගේ පියාගේ සාක්ෂිය අනුව “රක්ෂණාවරණයක් තිබේ නම් ඒ රක්ෂණාවරණයට අනුව අනතුරක් වුණාම පුතා හෝ පුතාගෙ යාළුවා අදාළ අනතුර සම්බන්ධයෙන් වන්දියක් ඉල්ලුවද? ඒක පිළිබඳව පැහැදිලි උත්තරයක් දුන්නෙ නෑ. එහෙම කරලා නෑ. දෙක ඒ සම්බන්ධයෙන් සිවිල් නීතිය යටතේ වන්දි නඩුවක් පවරන්න පුළුවන්. ඒ දෙකම කරලා නෑ. එතකොට අපි යෝජනා කළා එහෙම නොකළේ තමන් දන්න හින්දා තමන්ගේ පුතා වරදක් කරපු හින්දා කියලා. ඒක ඉතා වැදගත් සාක්ෂියක්.”
ඊට අමතරව කිසිම අවස්ථාවක පොලීසිය මේ සඳහා මැදිහත් කරගෙන නොමැත. තෙවැනි පාර්ශ්වයේ අයිතිවාසිකම් සහිත රක්ෂණ ආවරණයක් මෙම මෝටර් බයිසිකලය සඳහා ලබාගෙන තිබුණද, වැරදි ලෙස ධාවනය කිරීම සහ රක්ෂණ වාරික ආවරණයක් නොමැති වීම නිසා රක්ෂණ මුදල් අදාළ අනතුර වෙනුවෙන් ලබාගත නොහැකි ව තිබේ. මෙය තමන්ට පැදවිය නොහැකි වාහනයක් පැදවීම තුල සිදුවූ අනතුරකි. නමුත් අද වන තෙක් පොලීසිය විසින් වැරදි වාහනයක් පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම පදනම් කරගෙන නඩු පවරා නැත.
“මොහු පිළිගත්තා ඔහු බත්තරමුල්ල ජයන්තිපුර පොහොට්ටු කාර්යාලයට ගිහිල්ලා තමයි මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේ කියලා. ඒ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාට පස්සේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් එලියන්ත වයිට් සම්බන්ධ කරලා දුන්නා කියලා පුතාට බෙහෙත් කරන්න. එතකොට ඒ කියන්නේ ආණ්ඩුව පැහැදිලිව ඔහුට යම්කිසි අල්ලසක් දීලා තියෙනවා. ඊළඟට තමයි චමල් රාජපක්ෂ ගාවට ගිහිල්ලා තියෙන්නේ මේ CID එකේ අපරාධ පරීක්ෂණය කරන්න මැදිහත් වෙන්න.
මේ ගයාශාන් කියන පුද්ගලයා, ඒ කියන්නේ පිටිපස්සේ ගියපු එක්කෙනා උදය ගම්මන්පිල මහතා සමග දුරකථනයෙන් හතර වතාවක් කතා කළයි කියලා. සිද්ධියෙන් දවස් හතකට පස්සේ තමයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ චම්පික වැරදියි කියලා. ඉතින් ඒ අනුව නඩුවේ හරයාත්මකව බැලුවම මේ සාක්ෂි වැදගත් නැති සාක්ෂි බවට පත්වෙනවා. ඊට අමතරව කියපු හැමදේම ඔහු කළින් පුහුණු කරපු චම්පිකට විරුද්ධව වරදක් ආරෝපණය කරන, යම්කිසි ආවේගාත්මක ප්‍රකාශ කරන්නෙයි කියා ඔහුට කියන්න ඇති. ඉතින් ඒක තමයි අහනකොට ඒ ප්‍රශ්නයට අනුපාතික නැතුව පිළිතුරු දීලා (සාක්ෂි නීතිය අනුව සාක්ෂිකරුගේ ආවේශනීයත්වය) හැසිරීම් තුළ හොඳින් පෙන්නුම් කළා ඔහු මේ යම්කිසි විදිහට බලපෑම් කරපු සාක්ෂිකාරයෙක්.“
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න ද මේ අවස්ථාවේ උසාවි සංකීර්ණය අසලට පැමිණ සිටි අතර එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවය. සමගි ජන බලවේගය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
– media unit