පාඨලී උසාවියෙන් කට්ටි පනින්න හොර වෛද්‍ය වාර්තා අරන් මාට්ටුයි….! ඔළුවෙන් බහින ලෙඩක් නැතැයි කොළඹ JMO තහවුරු කරයි..!

January 21, 2022 at 11:59 am | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික සිය නඩු දිනයට පෙර දින රෝහල්ගතව වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන ඇත්තේ වංචාකාරී ලෙස බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ අනාවරණය කරයි.

ඒ රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද (21) කොළඹ මහාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ ය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු ව බරපතළ රිය අනතුරකට ලක්කොට ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා පාඨලී චම්පික ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබේ. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබීය.

“ස්වාමීනි… අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බව සඳහන් කර තිබෙන්නේ.

මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වන දා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද?

මෙය නඩුව චේතනාන්විතව කල්තබා ගැනීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10 ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය “සාමාන්‍ය” බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල්දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා.

ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි.”

ඒත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුරවීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළේය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙසේ පැවසීය.

“විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. ඒක ඔහුට තිබෙන නිත්‍යානුකූල අයිතියක්. නමුත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු “සාමාන්‍ය” තත්ත්වයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. විත්තිකරු අධිකරණයේ පෙනීසිටීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පවතින බවත් සඳහන් කර තිබෙනවා. නඩුව කඩිනමින් අවසන් කිරීම අධිකරයේ අරමුණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස