රිය අනතුරු නඩුවෙන් පාඨලී බිත්තියටම හේත්තු කරයි! බොරු සාක්ෂි දුන් වැලිකඩ පොලිස් ලොක්කා අත්අඩංගුවට!

June 1, 2020 at 5:01 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස එවකට කටයුතු කර ඇත්තේ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලය.

එකල ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පකට වාසිවන ආකාරයට පොලිසිය කටයුතු කළ බවට බොහෝ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙයි.

අදාළ අනතුර වන අවස්ථාවේ තමා ඇමතිවරයාගේ රිය නොපැදවූ බව එහිදී රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පසුව පාපෝච්චාරණය කළ අතර ඔහුගේ දුරකතනය ද ඒ අවස්ථාවේ සංඥා නිකුත් කර තිබුණේ රාජගිරිය ප්‍රදේශයෙන් නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස