අස්මඩල අත්අඩංගුවට ගන්නේ මහින්දගේ බයිසිකලේ නතර කළ නිසා! පාඨලී වෙනුවෙන් බොරු කී නිසා නෙමෙයි! – අනුරුද්ධ ප්‍රදීප්

June 2, 2020 at 11:12 pm | by emanisa.lk

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දේශපාලන පළිගැනීමක් සඳහා බව ජාතික හෙළ උරුමයේ අනුරුද්ධ ප්‍රදීප් කර්සූණරිය පවසයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක වෙනුවෙන් සාක්ෂි විකෘති කිරීමේ චෝදනාව මත නීතිපති විසින් අස්මඩල අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

රාජගිරියේ දී සංදීප් ලක්ෂාන් අනතුරට ලක් කළ රථය පැදවූයේ පාඨලී රණවක බවට ඇසින් දුටු සාක්ෂි දෙකක් ලබා දුන්න ද ඒවා සටහන් කර නොගන්නා ලෙස අස්මඩල සිය කනිෂ්ට නිලධාරියෙකුට නියෝග කර ඇති බව අනාවරණය වී ඇතැයි නීතිපතිවරයාගේ ප්‍රකාශිකාව අනාවරණය කළාය.

කෙසේ වුවද අනුරුද්ධ ප්‍රදීප් පවසන්නේ යහපාලන ආණ්ඩුව පෙට්‍රල් මිල පහළ නොදැමීමට එරෙහිව විරෝධය පාමින් පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඊට බාධා කළ නිසා අස්මඩල අත්අඩංගුවට ගන්නා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස