මුදල් නෝට්ටු දුරකතන ඔස්සේ කොරෝනා වැළඳීමේ අවදානමක්! මුදල් වෙනුවට විකල්ප ක්‍රම වෙත යන්න!

October 12, 2020 at 1:20 pm | by emanisa.lk

කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනැසි පැවතිය හැකි බව නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන පරිදි නව කොරෝනා වෛරසයට දින 28ක කාලයක් එලෙස පැවතිය හැකිය.

වික්ටෝරියාහි දී සිදු කළ මෙම පර්යේෂණයේ දී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයට සීත උණුසුම් පරිසරයක වඩා හොඳින් නොනවැසි පැවතිය හැකි බවය.

එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය නොනවැසි පවතින බවට අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනවැසි පැවතිය හැකි බවට මෑතක දී සිදුකළ අධ්‍යනයකින් හෙළි වී ඇත.

වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වඩා හොඳ බව අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස