සමගි බලේ සුළු ජන බලය පෙන්වයි! ජ්‍යෙෂ්ඨ මද්දුමබණ්ඩාර දෙවන පෙළට දමා හකීම් ඉදිරි පෙළට!

September 5, 2020 at 3:47 pm | by emanisa.lk

රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. 

නව පාර්ලිමේන්තුවේ අසුන් පැනවූ අවස්ථාවේදී එම මන්ත‍්‍රීවරුන් දෙදෙනාට ඉදිරිපෙළ අසුන් හිමිව තිබිණි. එලෙස ආසන පැනවීමෙන් පසු සමගි ජනබලවේගය ඉල්ලීමක් කළේ, එම බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් වන පී. දිගම්බරන්ට සහ මනෝ ගනේෂන්ට ද විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම අනුව පී. දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් හිමි වූ අතර ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම්ට විපක්ෂයේ දෙවනපෙළ අසුන් පැනවීමට සිදු විය.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇත.

අවශ්‍ය නම් එම බලවේගය නියෝජනය කරන පී. දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාට වෙන් කර ඇති ඉදිරිපෙළ අසුන් රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මන්ත‍්‍රීවරුන්ට ලබාදිය හැකි බව ද වැඩි දුරටත් දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස