ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපට ඕන! නැත්නම් අපි ස්වාධීන වෙනවා! – සජිත්ට එරෙහිව සුළු පක්ෂ කඩුව ගනී….

August 9, 2020 at 10:26 am | by emanisa.lk

මහා මැතිවරණයට පෙර ගිවිසගත් පරිදි සමගි ජන බලවේගය තම පක්ෂ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතු බව එම බලවේගය නියෝජනය කරන සුළු පක්ෂ අවධාරණය කර තිබේ.

එසේ කටයුතු නොකරන්නේ නම් මන්ත්‍රී ධුර 15ක් සමග තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්වාධීනව කටයුතු කරන බව ද එම පක්ෂ දැනුම් දී තිබේ.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් යන සුළු අයගේ සුළු පක්ෂ සමගි ජනබලවේගය සමග එක්ව තරඟ කළේය.

කෙසේ වුවද සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ ජාතික ලැයිස්තු ආසන 07ක් නිසා සුළු පක්ෂ සඳහා ආසන ලබා දුනහොත් සමගි බලේ ප්‍රධානීන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *