හකීම් බදියුදීන් මනෝ දිගම්බරන් සජිත් බිත්තියට හේත්තු කරයි! ජාතික ලැයිස්තු පොරයෙන් දුරකතනය රත්වෙයි!

August 8, 2020 at 4:27 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර තමන්ට පොරොන්දු වූ පරිදි ලබා දෙන ලෙස රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පී. දිගම්බරන් ඉල්ලා තිබේ.

එසේම දැනට ප්‍රසිද්ධ කර ඇති ජාතික ලැයිස්තුව තම අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධ කර ඇති බවත් ඊට විරෝධය පළ කරන බවත් ඔවුන් අවධාරණය කර ඇත.

සමගි ජන බලවේගයට අපේක්ෂිත ජයග්‍රහණය නොලැබුණු නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 07ක් පමණක් හිමි වූ අතර දැනට ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනයේ සුළු පක්ෂ සඳහා නියෝජනයක් නොමැත.

රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, තිස්ස අත්තනායක, බාකිර් මාර්කර්, මයන්ත දිසානායක වැනි ප්‍රකට එජාප දේශපාලකයන් මෙන්ම ශිරාන් ලක්තිලක වැනි න්‍යායාචාරීන් පවා ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටීම මේ අර්බුදයට හේතු වී තිබේ.

සුළු පක්ෂ සඳහා කලින් තීන්දු කළ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04ක් ලබා දුනහොත් එජාපයේ ප්‍රබලයන් පිරිසකට සිය ආසන කැප කිරීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ජාතික ලැයිස්තුව නම් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස