සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් වන හරින් ප්රනාන්දුට සහ වඩිවේල් සුරේෂ්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එසේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ලංකා ජාතික වතු කම්කරු කොංග්රසයේ බැංකු ගිණුමින් ණය මුදල් ලබාගැනීම හා එහි චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමිනි.
එමෙන්ම ඊට අයත් වාහන ඇතුළු දේපළ පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගන්නා ලෙසද ඔවුන්ට නියෝග නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගොනු කරනු ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ එම වෘත්තිය සමිති සභාපතිවරයා සහ ලේකම්වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගයෙන් මැතිවරණයට තරඟ කරන බවයි.
එනිසා එම ධුර දැරීමට ඔවුන්ට කිසිම හිමිකමක් නොමැති බවට ද තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.