සජිත් ඇතුළු 99කගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි! කෘත්‍යාධිකාරීයේ අනුමැතිය ලැබේ!

May 29, 2020 at 7:32 pm | by emanisa.lk

සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කළේේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී අද රැස් වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබේ.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු ගිවිසුමකට එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බව එහි නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ දන්වා ඇති බවත් සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස