සජිත් පිල එජාපයෙන් පන්නන්න සූදානම්! රනිල් වහාම කෘත්‍යාධිකාරිය කැඳවයි!

May 26, 2020 at 9:13 am | by emanisa.lk

ඉදිරි සති දෙක ඇතුළත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබාදී තිබේ.

එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමගි බලවේගයට එක් වූ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකයත්වය අහෝසි කිරීමේ යෝජනවා ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාකික පක්ෂයේ හිටපු සභාපති කබීර් හෂීම් ඇතුළු සියලු සාමාජිකයන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස