රනිල් කල්යල් බලා තුරුම්පු අදී! සජිත් පිලේ මහ අලි 102කගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි! පරණ පාර්ලිමේන්තුව කැඳෙව්වොත් සජිත් පිලම හාන්සියි!

May 27, 2020 at 10:16 pm | by emanisa.lk

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 නෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය පක්ෂ සාමාජිකයින් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගෙන නාමයෝජනා භාර දී ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාව අනුව එසේ කිරීමට නම්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස